Friday, June 29, 2018

සෞන්දර්යාත්මක ප්‍රවේශය


      

 සෞන්දර්යාත්මක ප්‍රවේශය  



ඕනෙම කලාත්මක මාධ්‍යයක කාර්යය වනුයේ සෞන්දර්යාත්මක වින්දනයක් ලබා දීමයි.ඕනෑම මාධ්‍ය නිර්මාණයක් න්දර්යාත්මක ප්‍රවේශයෙන් අධ්‍යයනය කළ හැකිය. සෞන්දර්යාත්මක ප්‍රවේශයේ මුලික පදනම ලෙස සැලකෙන්නේ සුන්දරත්වයයි.සෞන්දර්ය පිළිබඳව නිර්මාණකරුවන්ගේ ප්‍රතිපත්තිය හා දර්ශනය වෙන්ව හඳුනා ගැනීමකින් තොරව සෞන්දර්ය ප්‍රවේශය මගින් හඳුනාගත නොහැකිය. සෞන්දර්ය ප්‍රවේශය පිළිබඳව විවිධ නිර්මාණකරුවන් තුළ විවිධ අදහස් පවතී.ඔවුන්ගේ මත අනුව විවිධාකාර නිර්මාණයන් බිහි වෙනු දක්නට ලැබේ මාධ්‍ය නිර්මාණයන්ගේ අන්තර්ගත සෞන්දර්යාත්මක වින්දනය සමාජයකට පිළිගත හැකිද යන්න ගැටළු සහගත වේ.සෞන්දර්යාත්මක ව යම් මාධ්‍ය නිර්මාණයක් විවරණය කරන්නට නම් යන්න මාධ්‍ය විචාරකයෙකුට සෞන්දර්යාත්මක සංකල්ප පිළිබඳව මනා දැනුමක් තිබිය යුතුය. සෞන්දර්යාත්මක ව යම් නිර්මාණයක් තක්සේරු කිරීම තුළින් එම නිර්මාණයේ සමස්තයම විවරණය කළ නොහැක. ඇතැම් සෞන්දර්යාත්මක අතින් ඉහළ නිර්මාණ තුළ දේශපාලන වශයෙන් හෝ යම් විවාදයක් පැවතිය හැකිය මෙවැනි නිර්මාණයක් කෙරෙහි රසිකයා ආකර්ෂණය කරනු ලබන්නේ සෞන්දර්ය මගිනි.ඒ අනුව එම නිර්මාණය විවරණය කිරීමේ හැකියාවක් පවතී.

කලාව යනු සත්‍යය සහ රමණීයත්වය යන සංකල්ප ද්විත්වයේ සුසංයෝගයකි. මානවයාගේ වින්දන ශක්‌තිය ජනනය වූ ආස්‌ථානයේ පටන් කලාවේ ප්‍රවර්තනයද සිදු වන්නට ඇත. සාහිත්‍යය, සංගීතය, චිත්‍ර, මූර්ති, කැටයම් ආදී ප්‍රභේදයන්ගේ සමුච්චයක්‌ වන සමස්‌ත කලාවේ අරමුණ මනුෂ්‍යත්වය වින්දනය කරා ප්‍රාප්ත කිරීමයි. මනුෂ්‍යත්වයේ වින්දනය අර්ථ ගෞරවයෙන් සමන්විත වන්නකි. එහි සංචරණය වනුයේ හුදෙක්‌ වින්දන භාවයන් පමණක්‌ම නොවේ. කලාව යනු සමාජයීය ක්‍රියාවලියකි. නිරන්තර චලනය ස්‌වභාවය කොට ඇති සමාජයට අනුරූපව කලාවද චලනය වේ. එසේ චලනය වීම කලාවේ විවිධත්වයන් ජනනය කරයි. විවිධරූපී කලාව තුළ පවතිනුයේ අත්‍යන්ත රමණීයත්වයකි. ඒ අනුව කලාවේ සෞන්දර්යය සමාජයට සාපේක්‍ෂ වූවකි. සමාජය යනු යුගයේ නිර්මිතයකි.                                                             
      කලාකරුවාගේ විඤ්ඤාණය ස්‌වයං නිර්මිතයක්‌ නොවේ.එබැවින් කලාකරුවා යනු යුගානුබද්ධව චින්තනය මෙහෙයවන තවත් චින්තකයෙකු පමණි. එහෙත් ඔහුගේ සිතුවිලි අන්‍යයාගෙන් අන්‍යය. සුන්දරය. රසිකයා වින්දනය කරනුයේ එම චමත්කාරයයි.
                                                                                                                                                විදු

No comments:

Post a Comment

පෙම....

                                                    නෙතු අතර ඇති                                                     හදවතේ රැඳී  ...