Wednesday, June 13, 2018

මුහුණු පොතේ වැදගත්කම හා එහි සමාජ භාවිතය

  
මුහුණු පොතේ වැදගත්කම හා එහි සමාජ භාවිතය

                                                                
                  සන්නිවේදන මාධ්‍යයක් ලෙස අතිතයේ පැවති  මිතුරු මිතුරියන්ට ලිපි ලිවීම වර්තමානය වන විට අවශ්‍ය වන්නේ නැත. සයිබර් අවකාශයේ  ඕනෑම රටක දන්නා නොදන්නා  ඕනෑම අයෙකු සමඟ මේ ඔස්සේ සම්බන්ධතා පැවැත්විය හැකිය.  එපමණක් නොව නොදන්නා ඉසව් ගවේෂණයට මෙන්ම වෙනත් සංස්කෘතිවලට අයත් පුද්ගලයන් සිය මිතුරු ලැයිස්තුවට එක්කර ගැනීමෙන් සංස්කෘතික වශයෙන් සමෝධානයක් ගොඩනගා ගැනීමටත් මෙමගින් හැකිවේ. ඒ හරහා සමාජ ප‍්‍රාග්ධනය වර්ධනය කර ගැනීමට හැකිවී ඇත. එමෙන්ම අධ්‍යාපනික වශයෙන් ඉවහල්වන තොරතුරු සොයා ගැනීමටද මෙය ප‍්‍රබල මාධ්‍යයක් වේ. එපමණක් නොව බොහෝවිට ව්‍යාපාරිකයන් තම ප‍්‍රචාරණ කටයුතු කරගන්නටත් ජනප‍්‍රිය පුද්ගලයන් තම පේ‍්‍රක්‍ෂකයින් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් මෙය මාධ්‍යයක් කරගෙනතිබේ.  එමෙන්ම දේශපාලඥයන්ට සිය පණිවිඩ ඉතාම අඩු පිරිවැයකින් අලංකාරවත්වපහසුවෙන ග‍්‍රාහකයා වෙත රැගෙන යාමටද මෙමගින් හැකි වී තිබේ.

ව්‍යාපාර



                                    
                   එපමණක් නොව මෙහි ප‍්‍රධාන වාසියක් වන්නේ වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යන්නන් හට තම වෙළඳ දැන්වීම් ප‍්‍රචාරය කර ගනුවස් මෙය ප‍්‍රබල මාධ්‍යයක් වීමයි. ෆේස්බුක් සමාජ ජාලය වැඩි දෙනෙක් භාවිත කිරීම හේතුවෙන් එකවර බොහෝ පිරිසකට ආමන්ත‍්‍රණය කිරීමට හැකිවීම නිසා තම වෙළඳ භාණ්ඩ පිළිබඳව දැනුවත් කිරීමට පහසුවේ. ඒ හරහා තම භාණ්ඩ අලෙවිය ඉහළ නංවා ගත හැකිය. මේ ආකාරයට ෆේස්බුක් සමාජ ජාලය තුළ සුබවාදී ආකල්පයෙන් බැලිය හැකි නමුත් එහි අහිතකර පැත්තක්ද දක්නට ලැබේන බව සමාජ මතයයි.


දේශපාලනය







 දේශපාලන අතින් ගත් කළ මුහුණු පොත හරහා     දේශපාලඥයන්ට සිය පණිවිඩ ඉතාම අඩු පිරිවැයකින් අලංකාරවත් පහසුවෙන් ග‍්‍රාහකයා වෙත රැගෙන යාමටද මෙමගින් හැකි වී තිබේ.මෙවැනි පිටු හරහා ජන මතය බහුලව එක් මතයක් බවට පත් කිරිමට හැකියාවක් පවති.මෙවැනි පිටු සදහා වැඩි වශයෙන් Share,Comment,likes ආදිය දැක ගත හැකිය.

කලාව
















ෆේස්බුක් ලොව පුරා සිටින සාමාජිකයන්ට තොරතුරු හුවමාරු කළ හැකි මෙවලමක් බැවින් කාව්‍ය සංකල්පනා මුදා හැරීමට මාධ්‍යයෙන් ඉඩක් නොලත් කවීන් ලේඛකයන් තම නිර්මාණ මුදා හැරීමට මෙම මාධ්‍ය ඉවහල් කොටගෙන ඇත. එමගින්  බොහෝ විචාරකයන්ද බිහි වී තිබේ. එමෙන්ම තනිකම පාළුව මකා ගනුවස් වින්දනයක් ලැබිය හැකි විනෝදාංශයක් ලෙසද මෙය භාවිත වේ.
                                        එපමණක් නොව  සමාජ ජාල වෙබ් අඩවි වෙත නැඹුරු වීම ඔස්සේ මිතුරු සමාජයක් ගොඩ නගා ගැනීමට ඒ කෙරෙහි යොමු වන තැනැත්තාට හැකියාව ලැබේ. ඒ ඔස්සේ නොදන්නා අධ්‍යාපනික කරුණු සාකච්ඡා කිරීමට මෙන්ම ලෝක තතු විමර්ශනයට අවස්ථාව උදා කරගත හැකිය. විශේෂයෙන්ම තම රටට හෝ සංස්කෘතියට අයත් නොවන මිතුරු මිතුරියන් හෝ සමාජ සංවිධාන හඳුනා ගැනීම හරහා සංස්කෘතික සම්පර්කයක් ගොඩ නගා ගැනීමට ද ඔවුනට හැකි වනු ඇත.එමෙන්ම විවිධ යාවත් කාලින තොරතුරැ  දැනගැනිමට ද මෙම මුහුණු පොත හරහා හැකියාව ලැබේ. එමෙන්ම පහත දැක්වෙන සදහා ද එක් විමෙන් නව තොරතුරැ දැනගැනිමට හැකියාවක් ලැබේ.



විනෝදාස්වාදය


                                                             Facebook වෙත එන පිරිසට ලැබෙන්නේ එක තැන පල්වෙන වෙබ් අඩවියක් නොවේ. ෆේස්බුක් යනු නොයෙක් විශේෂාංග නිතිපතා එක් කෙරෙන වෙබ් අඩවියකි. සයිබර් අවකාශය තුළ මිත‍්‍රත්වයආදරය විනෝදය දැනුම අලෙවිකරණය එකිනෙකා හා ගණුදෙනු කිරීමට යොදා ගන්නා ප‍්‍රබලම සන්නිවේදන මාධ්‍ය ෆේස් බුක් බවට වර්තමානයේ පත්ව ඇත. එබැවින් හොඳ නරක අතර දෝලනය වන සාධක අතර වර්තමානයේ කතාබහට ලක්වෙන ප‍්‍රබල අන්තර්ජාල මෙවලමක් බවට මෙම සමාජ ජාලය පත්ව තිබේ. කාලානුරූපව හොඳයි  කියා වැළඳ ගන්නා බොහෝ දේ අතර හොඳ නරක යන දෙකම පවතී.නවඅදහස් , නව වචන ආදිය මෙතුලින් ස්මතු විමක් දක්වනට ලැබේ. උදාහරණයක් ලෙස,

උත්සව හා රූපලාවන්‍යය


                                                        විවාහ උත්සව පවත්විමේදි ඒසදහා අවශ්‍යය සියලුම දෑ package ලෙස ලබා දෙන ආයතන ද මෙවැනි උත්සව අවස්ථා මෙන්ම සමාන්‍ය ජිවිතයේදි අවශ්‍යතා මත එවාට අවශ්‍යය සෑම දෙයක් ම ලබා ගැනිමට විවිධ වෙබ් පිටු නිර්මාණය වී ඇත.දුරකථන ඇමතුමක් හරහා භාණ්ඩ ගෙදරටම ගෙන්වා ගත හැක.රැපලාවන්‍යය  සදහා උපදෙස් ලබා දෙන්නා වු  වෙබ්  අඩවි ද ඒ සදහා උපදෙස්  ද භාවිත කරන ආකාරද අඩංගු වෙබ්  පිටු   සමාජ ජාල තුළ දැක ගත හැකි ය.

                                                                                                          -විදු-
                                               







No comments:

Post a Comment

පෙම....

                                                    නෙතු අතර ඇති                                                     හදවතේ රැඳී  ...