Wednesday, May 23, 2018

දෘෂ්‍ය සන්නිවේදනයේ හැඩහුරුකම් කොපමණ බලපෑම්කාරිවේද


දෘෂ්‍ය සන්නිවේදනයේ හැඩහුරුකම් කොපමණ බලපෑම්කාරිවේද ,




                      මානව සන්නිවේදනයේ මුඛ්‍යතම සන්නිවේදන කාර්යයක් ලෙස දෘෂ්‍යය සන්නිවේදනය හැදින්විය හැකිය.මානව ශිෂ්ටාචාරයේ මුලික අවබෝධතා ගොඩනැගෙනුයේ පංචේන්ද්‍රියන් මුලික කරගෙන ඇස මුලික කරගත් සන්නිවේදන හා පරිකල්පීය ක්‍රියාවලිය ඉස්මතු විම් කරනවා මෙන්ම  බලපෑම්කාරි වේ.එයට හේතුව වනුයේ ප්‍රමාණ අවකාශයේ සැරිසරන අප ත්‍රිමාණ අවකාශ ව්‍යක්ත ලෙස පරිහරණය අනෙක් කේන්ද්‍රයන්ට වඩා ඇස අදාළ විම සිදු වේ.එමෙන්ම,
  • ·         ඇස මුල් කරගත් අවබෝධතාව වැදගත්ම වන කාරණා පෙළ ගැස්විය හැක.
  • ·         යථා ස්වභාවය තත්වාකාරව හදුනාගැනිම.
  • ·         එක් එක් භෞතික ප්‍රපංචයන්  අතර ඇති අනොන්‍යය සම්බන්ධතා සංසන්දනය.
  • ·         භෞතික ප්‍රපංචයන් අතර සුවිශේෂිතා(දෘෂ්‍ය ලක්ෂණ) ඉස්මතු කොට දැක්විම.
  • ·         විශ්වසනීයත්වය තහවුරු කරගැනිම.

                                                        දකින දේහි විශ්වසනීයත්වයක් තිබිය යුතුය.දකින දෙනා සම්බන්ධව විශ්වාසය පදනම් කොට ගෙන විවිධ වු අධ්‍යයන හා වින්දන කාර්යයන් සමාජ ශිෂ්ටාචාරය තුළ ව්‍යවහාරයට එක් විය.මේහිදි රූප පෙරලා වර නැගිම එනම් ප්‍රතිනිර්මාණය වර නැගිණි.ඒ අනුව අදිනු ලබන රූපය චිත්‍රය මගින් රූපයක් ස්ථාවර ලෙස ප්‍රතිනිර්මාණය කළ හැකි බවත් එය අකාලීන සන්නිවේදනයේ මුල පිරිමක් ලෙස මිනිසුන් වටහා ගත්තේය.එහෙත් විශ්නසනීයත්වය පිළිබද ප්‍රමාණවත් තහවුරුවක් චිත්‍රය තුළ සිදු නොවිය.
මේ හා සමාන්තරව ලේඛණ කලාව මානව ශිෂ්ටාචාරය දියුණු විය.පසු කාලීනව චිත්‍රය ලේඛන මාධ්‍යය සමග එක් විය.

     
   තවත් කාලයකදි තාක්ෂණය හේතුවෙන් මුද්‍රණය භාවිතයට පැමිණියේය.එහිදි භාෂාවට තරණය කිරිමට අසීරු සන්නිවේදන සීමා රූපය මගින් ජයගත හැකි බැවින් මුද්‍රිත මාධ්‍යය තුළ රූපය සදහා ඉඩක් විවර විය.එමෙන්ම අනෙක් සියඵ සාක්ෂරතාවද මුද්‍රිත මාධ්‍යය භාවිතයට ද වැඩි විය.එහි ප්‍රතිඵලයක් ලෙස කියවිම යන දෙය පොදු ජන අවශ්‍යයතාවක් බවට පත් විය.එම නිසා රූපයට අදිනු ලබන රූපයට නිශ්චිතභාවයක් ලැබුණි.
                                                                                                                                                                    - විදු -
                                                                       

පෙම....

                                                    නෙතු අතර ඇති                                                     හදවතේ රැඳී  ...