Thursday, July 12, 2018

විශාදය හෙවත් මානසික අවපීඩනය





මානසික අවපීඩනය සෑම දෙනාටමපොදු වු බරපතල මනෝ භාවයක් වෙ.එය හැගෙන  ආකාරයන්  සදහා බලපාන බරපතල රෝග ලක්ෂණයකි.ජිවන තත්වය හින විම,එදින්  එදා වැඩ කරගැනිමට උනන්දුවක් නැති විම මෙන්ම අවසානයේ සිය දිවි හානි කරගැනිම දක්වා මෙය වර්ධනය විය හැක.‍දෛනික ජිවිතයේ සමාන්‍යය නිදාගැනිම,ආහාර ගැනිම,සිතිම,වැඩ කිරිම ආදිය සදහා ද බාධා එල්ල විම දැකිය හැකි ය.සමාන්‍යයයෙන්  විශාදය ඇති පුද්ගලයා තුළ කිසියමි දෝමිනස් ගතියක් දක්නට ලැබෙ.විශාදය ප්‍රධාන වශයෙන්   
·         සාමාන්‍යය විශාදය
·         ගිලන්   විශාදය
                     කොටස් දෙකක් දැකිය හැකි වෙ. යමි පුද්ගලයෙක් අන්‍යයන් සමග බොහෝ විට සතුටින් සිටි.තනි වු විට පමණක් තමාට වෙදනාව ගෙන දුන් ප්‍රශ්නය පිළිබදව කල්පනා කරනු ලැබෙ.සමාන්‍යය කටයුතු හොදින් සිදු කරන අතර ඇතැමි අවස්ථා වල පමණක් උත්තේජක සදහා ප්‍රතිචාර දක්වන්නේ නැත.එමෙන්ම මෙම රොගියා දිවි නසා ගන්නේද කලාතුරකිනි.මෙය සමාන්‍යය විශාදයයි.නමුත් ගිලන් විශාදය ඇති පුද්ගලයා සමාන්‍යය පුද්ගලයා සමග සතුටින් සිටිය නොහැකි අතර යථාර්ථයෙන් ඇත් වෙ.
                                මානසික අවපිඩනයේ රෝග ලක්ෂණයන් වැළදි සති 2 හෝ 3 යන විට හදුනා ගත හැකි වෙ.මෙය ඇතැමි විට විවිධාකාරයෙන් සිදු වන අතර අද්විතිය තත්වයන් යටතේ ද වර්ධනය විය හැකිය.විදේශ රටවල වැඩිහිටි කාන්තාවන් 30% කට පමණ මෙම තත්වය බලපා ඇති අතර වැඩි වශයෙන් මුහුණපා ඇත්තේ  වයස අවුරුදු 45-55 අතර කාන්තාවන් ය.නමුත් ලංකාව තුළ  මෙය යෞවන පිරිස  තුළ වැඩි වශයෙන් දක්නට ලැබේ.සරලව ගත් කළ අවපාතය හෙවත් මානසික අවපිඩනය යනු සෑම දෙයක් දෙසම අශුභවාදි ව බැලිම,හැගිමි,දුක,ක්‍රියාකාරකමි සදහා උනන්දුවක් නොදැක් විම ආදිය හදුනා ගත හැකි ය.මෙය සායනික මානසික  ආබාධයක් විය හැකි බැවින් තම මතයට  ඒකග නැති විමක් දක්නට ලැබෙ.මෙහිදි දුක සාමාන්‍ය  හැගිමි වලට වෙනස් වෙ.යමි පුද්ගලයෙකුට හැගෙන අකාරය ද සාමාන්‍ය ජිවිතයට වඩා වෙනස්  වන්නෙ නමි ඒය විශාදය මුලාරමිභක අවස්ථාවයි.මෙම පුද්ගලයන් වැඩි වශයෙන් තනිව සිටිමට රැචිකත්වයක් දක්වන අතර තනිව කල්පනා කිරිම දක්නට ලැබෙ.මානසික අව පීඩනයෙ වර්ග කිහිපයක් දැක ගත හැකි ය.

2 comments:

පෙම....

                                                    නෙතු අතර ඇති                                                     හදවතේ රැඳී  ...