Thursday, July 26, 2018
යන්න..අත්විදින්න ලංකාවේ අසිරිය..
Saturday, July 14, 2018
සංචරනයට රජගල
නැගෙනහිර
පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රජගලතැන්න ග්‍රාමයේ
පිහිටි මුහුදු මට්ටමේ සිට අඩි 1,038 ක් වන රජගල
පුරාවිද්‍යා භූමිය දැනට ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන විශාලතම පුරාවිද්‍යා ස්ථානය
ලෙසද හැඳින්විය හැකි අතර අක්කර 1080 පමණ භූමි ප්‍රදේශයක පැතිරුණු මෙම භූමිය තුළ
දැනට හඳුනාගෙන ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන නටඹුන් රාශියකි.
නටඹුන්
පිළිබඳව කතා කිරීමේදී නටඹුන් යනු යම් ස්ථානයක් පුරාවිද්‍යාත්මකව හෝ වෙනයම්
ආකාරයකින් කෙසේ වැදගත් වන්නේද, අදාල ස්ථානයේ අතීත ස්වභාවය කෙසේද යන වග කියාපාන්නා
වූ අතීතයේ කල කී දෑ වලින් ශේෂව පවතින්නා වූ අවශේෂ ලෙස පැවසිය හැකිය. යම් කිසි
ස්ථානයක, යම් රටක හෝ ශිෂිටාචාරයක හෝ වේවා ඉතිහාසය වර්ථමාන සමාජය විසින් අනාවරණය කර
ගනු ලබන්නේ මේ ආකාරයට යම් යම් ස්ථාන සතුව පවතින්නා වූ අතීත නටඹුන් හරහාය.
රජගල
පුරාවිද්‍යා භූමිය ගත්තද මෙම භූමිය සතුව පවතින්නා වූ ඓතිහාසිකමය, පුරාවිද්‍යාත්මක
වටිනාකම් ,මෙම ස්ථානයේ අතීත තොරතුරු ආදී වු තොරතුරු රාශියක් අනාවරණය කරගෙන ඇත්තේ
මෙම ස්ථානයේ කැනීම් වලින් සහ ගවේශනයෙන් සොයා ගනු ලැබු මෙහි පිහිටා ඇති අතීත නටඹුන්
හරහා යැයි කිවහොත් නිවැරදිය. එමෙන්ම රජගලතැන්න රජගල කන්දෙහි පිහිටි පැරණි නටඹුන්
600කට වඩා වැඩි ප්‍රමාණයක් සහ අක්කර 1080 ක් පමණ පුරා විහිදී ගිය, පුරාවස්තු ප්‍රමාණය
අනූව අනුරාධපුරය මිහින්තලා පුරාවිද්‍යා භූමියට පමණක් දෙවන වන ඓතිහාසික පුදබිමකි.මේ
ආකාරයට රජගල නටඹුන් පිළිබඳව අධ්‍යයනය කරන විට
- වටිනා සෙල්ලිපි
- දාගැබ්,
- පොකුණු,
- කැසිකිලි
- ගල්කණු
- ලෙන්
- සඳකඩ පහන්
- මුරගල්
- කොරවක් ගල්
- අඩක් නිමකළ හිටි බුදු පිළිමය
- දිය පිහිල්ල හා ඒ හා සබැඳි සුවිසල් ශිලාමය පාත්‍රා දෙක
- කන්දේ බටහිර බෑවුමේ මධ්‍ය කොටසේ සංකීර්ණයට ජලය සපයන්නා වූ දැනට බිඳී ගිය වැවක්
- ප්‍රාථමික ගුහා සිතුවම්
ආදී
නටඹුන් රැසක් හමුවේ. ඒවා පහත පරිදි විස්තර කර දැක්විය හැකිය.
සංචරනයට මාදු ගඟ
සංචරනයට මාදු ගඟ
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට
අයත් බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ
පිහිටි මාදු ගඟ වූ කලී මෙරට ඉතාමත් වටිනා පරිසර පද්ධතියකට උරුමකම් කියන්නා
වූත් සුවිශේෂී කඩොලාන ගහනයකින් පොහොසත් වූත් ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයකි. කොළඹ
නගරයේ සිට ගාලු ප්‍රදේශයට කිලෝමීටර 81 ක පමණ දුරක් පැමිණීමේදී හමුවන බලපිටිය නගරයේ
සිට කි. මී. 6 – 7 ක් පමණ නගරය අභ්‍යන්තරයට පිවිසෙන විට
හමුවන උස් බිම හැඳින්වෙන්නේ පොල් අතු කන්ද නමිනි. එයින් පැන නඟින ජල උල්පතකින් සෙමෙන්
පහළට ගලා බසින සිහින් දිය දහරාව පසුව බොරලැස්ස ඇළ, හීන් ඇළ සහ මාගල ඇළ මගින් පෝෂණය වෙමින්
බලපිටිය නගරයේ දී ගංගාවක් ලෙසින් සුන්දර ගං මෝයක් නිර්මාණය කරමින් සාගරයට එකතු වෙයි.
අප මාදු ගඟ නමින් හඳුනාගන්නේ මේ කියන ජල ප්‍රවාහයයි.(4.1.1 රූපය-මාදු ගඟේ ව්‍යාප්තිය)
හෙක්ටයාර් 770ක පමණ වපසරියක පැතිර ඇති මෙම ජල ප්‍රවාහයත්,
හෙක්ටයාර්
915කින් යුත් තෙත් බිමත් එක්වූ මෙම සුවිශේෂී පරිසර පද්ධතිව වූ කලී 2011 වර්ෂයේ දෙසැම්බර් 11 වන දින පටන් ජාත්‍යන්තර
රැම්සා ප්‍රඥප්තියෙන් පිළිගත් තෙත් බිමක් වේ. එපමණක් නොව ඉතා ඉහල
සත්ත්ව විවිධත්වයක් සහිත අභය භූමියකි.ඒ අනුව ශ්‍රී ලංකාවේ මතු නොව ජාත්‍යන්තර තලයේ
අවධානයක් ද හිමි මාදු ගඟ පරිසර ලෝලීන්ට වින්දනාත්මක ස්ථානයක් ලෙසත්, පරිසර වේදීන්ට
පර්යේෂණ භූමියක් ලෙසත්, ඉතිහාසඥයින්ට ඓතිහාසික සාධක ඇති අත්පොතක් ලෙසත් දෙස්
විදෙස් ආකර්ශනයට ලක්වූ පාරිසරික නිකේතනයකි.
මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන සුවිශේෂි
භූගෝලීය පිහිටීමක් ලෙස ඒ අවට පිහිටියා වු දූපත් සමූහය පෙන්වා දිය හැක. හෙක්ටයාර් 770 ක භුමි භාගයක් වසා පැතිරෙන මාදු ගග
කලකට ඉහත දී පරිවාර දුපත් 64 කින් පමණ සමන්විතව තිබූ බව සඳහන් වන නමුත් 1997 රුහුණු
විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශය මගින් කල අධ්‍යයනයක දී සොයා ගැනුනේ
සුනාමි ව්‍යවසනය, ජල මට්ටම් ඉහළ යාම,
එක ළග
ඇති කුඩා දුපත් යාවීම, පස ඛාදනය වීම ආදී කරැණු හේතු කොට ගෙන දූපත්
17 ක් පමණක් ඉතිරිව ඇති බවයි. එහෙත් මාදු ගඟ ආශ්‍රිතව වෙසෙන ජනතාව ප්‍රකාශ කර තිබෙන්නේ
තවමත් දූපත් 25 ක් පමණ නොනැසී පවතින බවයි.. මෙම දූපත් අතරින් විශාලම දූපත
හෙක්ටයාර් 39ක පමණ වපසරියෙන් යුත් “මාදූව”
වන අතර “සතපහේ දූව” කුඩාම දූපත වේ. මාදූව සහ
ගොඩබිම යා කෙරෙන අඩි 1200 දිග පාලම මෙරට දිගම පාලම් අතරින් 1කි. ඊට අමතරව කොත්දූව,
මුවන්ගේ දුව, නයිදූව, දික්දූව, තල්දූව, කඩාපාන දූව, එරවන දූව, ගෝනදූව, මිරල දූව, අප්පල දූව, ගල්මන්දුව, මඩ දුව ආදී දූපත් හඳුනා ගත හැකිය.
කොත්දූව රජ මහා විහාරය පිහිටි “කොත්දූව”
සහ කුරුඳු කර්මාන්තය සිදු කෙරෙන දූපත මෙම දූපත් අතරින් සංචාරකයන් අතර සුවිශේෂී
ආකර්ශනයක් වේ. කෙසේ වුවත් අතීතයේ මෙහි දූපත් 64ක් පැවති බවට ආනන්ද රාජකරුණා
ශූරීන්ගේ පහත කවිය ද සාක්ෂි දරයි.
“නිල්
මල් බිසව් කෙළිනා මාදු ගගේ
දූපත් හැට හතර මාලෙක මැණික් වගේ
අතරින් පතර තැන් තැන් වල ඉවුර දිගේ
දාගැබ් පෙලින් ඇති වුණු ලස්සනක අගේ”
මාදු
ගඟ පිළිබඳව බොහෝ දෙනා නොදත් පැතිකඩ නම් එහි ඓතිහාසික පසුබිමයි. මාදුගග ආශ්‍රිතව
ගෙතුණු ජනප්‍රවාද ද රැසකි. මෙහි ඓතිහාසික පසුබිම ගතහොත් සාහිත්‍ය ග්‍රන්ථ වල
වැලිතර වැලිතොට යන නම් වලින් හැඳින්වෙන මෙහි දෙවන පරාක්‍රමබාහු රජ සමයේ දී දේවපතිරාජ
අමාත්‍යවරයා මෙරට ආක්‍රමණයට වැලිතොට තොටමුණට පැමිණි ජාවක හමුදාව පරාජය කිරිම සඳහා
බල සේනා සමඟ රැඳී සිටි බවත් එම නිසා බලපිටිය වූ බවත් සැලකෙන අතර ලක්දිවට දළදා වහන්සේ
රැගෙන ආ හේමමාලා කුමරිය හා දන්ත කුමරු මහසෙන් රජ සමයේදී අනුරාධපුරයට නොගොස් දකුණු වෙරළේ
වැලිනදී තොටමුණෙන් කොත්දුවට වැඩමවා සිට කිත්සිරි මෙවන් රජු සිහසුනට පත්වු පසු නැවත
ගිය බව ද, කෝට්ටේ වීදිය බණ්ඩාර රජ සමයේ එක් අවස්ථාවකදී ද දළදා වහන්සේ කොත්දූවට
වැඩම කරවු බවද ජනප්‍රවදයේ පවතින තවත් විශ්වාසයකි. කොත්දූව රජ මහා විහාරයේ
විහාරාධිපති ඕමන්තේ පුඤ්ඤසාර හිමියන් ප්‍රකාශ කරන්නේ එලෙස දන්ත ධාතූන් වහන්සේ
දෙවරක් වැඩමවූ ලක්දිව එකම ස්ථානය මෙය බවයි. එමෙන්ම කොත්දූව විහාරයේ විරාජමානව වැඩ
වසන අනුරාධපුර යුගයේ රෝපණය කරන ලද වසර 2320ක් පැරණි ශ්‍රී මහා බොධියේ ශාඛාව සමස්ථ
මාදු ගඟ ප්‍රදේශයේ ම ඓතිහාසික වටිනාකම තීව්‍ර කරයි. එබැවින් මාදු ගඟ පිළිබඳ කතාකරන
විට කොත්දූවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක සංචරණය
ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක සංචරණය
වර්ථමාන සංචාරක කර්මාන්තය තුළ ක්‍රියාත්මක වන සංචාරක සංකල්ප අතරින් ත්‍රාසජනක
සංචරණය වූ කලී වර්ථමානයේ ලොව පුරා සංචාරකයන් අතර ඉහල ඉල්ලුමක් පවතින සුවිශේෂී
සංචාරක ප්‍රවර්ගයක් ලෙස හඳුනාගත හැකිය. ශාරීරික ක්‍රියාකාරකම්, සංස්කෘතික හුවමාරුව
හෝ පරිසරය සමඟ අන්තර් ක්‍රියාකාරිත්වය හා බැඳුණු සංචරණය ත්‍රාසජනක සංචරණය ලෙස අපට
සරලව අර්ථ දැක්විය හැකිය. එනම් ත්‍රාසජනක සංචරණය යනු නිරතුරුවම ස්වභාව ධර්මය සමඟ
බැඳී පවතින්නක් මෙන්ම සංචාරකයාට ත්‍රාසජනක අත්දැකීමක් ලබාදෙන්නා වූත්, අවධානම්
සහගත වූත් ක්‍රියාකරකම් වලින් සමන්විත වූවක් වන අතර පෙර පැවසූ ආකාරයට සංචාරකයන්
අතර ත්‍රාසජනක සංචරණය වඩාත් ප්‍රචලිත වීමට මෙම අවධානම් සහගත බව සහ ත්‍රාසය කැටි වූ
ක්‍රියාකරයම් ප්‍රභල ලෙසම හේතු සාධක වී තිබේ. තවදුරටත් ත්‍රාසජනක සංචරණය පිළිබඳ ව
අධ්‍යයනය කිරීමේදී ප්‍රධාන ලෙසම ත්‍රාසජනක ක්‍රියාකාරකම් දෙයාකාරයකට වර්ග කළ
හැකිය. එය පහත පරිදි වේ.
·
දෘඪ ත්‍රාසජනක ක්‍රියාකාරකම්
(hard adventure
activities)
දෘඪ ත්‍රාසජනක ක්‍රියාකාරකම් යනු සංචාරකයාට මුහුණදීමට සිදුවන අවධානම වැඩි,
ඉහළ කායික මානසික යෝග්‍යතාවයක් අවශ්‍ය, අයකිරීම් ඉහළ මට්ටමක පවතින්නා වූ ක්‍රියාකාරකම්
වන අතර බොහෝ විට මෙම ක්‍රියාකාරකම් වල නිරත වීමට නම් පෙර පුහුණුවක අවශ්‍යතාවය
පවතින අතර මුල්ම වරට සහභාගී වන්නෙකුට සහභාගී වීම අපහසුය. එමෙන්ම බොහෝ විට දෘඪ ත්‍රාසජනක ක්‍රියාකාරකම් සඳහා සහභාගී විය හැක්කේ වයස අවුරුදු 20-50 ත්
අතර හොඳ කායික යෝග්‍යතාවයක් සහිත පුද්ගලයන්ට වේ.
උදාහරණ -
Bungee jumping, white water rafting, scuba diving, hot air ballooning,
paragliding, surfing, desert crossing, volcano climbing, ice climbing,
waterfall climbing, waterfall , waterfall descending, parasailing, rock
climbing , wind surfing
· මෘදු ත්‍රාසජනක ක්‍රියාකාරකම්
(soft adventure activities)
මෘදු ත්‍රාසජනක ක්‍රියාකාරකම් යනු සංචාරකයාට සම්මත සංචාරක පථයෙන් මිදී කායික සහ
මානසික සුවතාවය ලබාගැනීම සඳහා යොමුවිය හැකි අපූරු ක්‍රියාකාරකම් ලෙස හඳුන්වා දිය
හැකි අතර අවධානම් සහගත බව අඩු, සංචාරකයාට විශාල පීඩනයක් ලබා නොදෙන ක්‍රියාකාරකම්
වේ. විශේෂයෙන්ම සොබාදහමේ අපූර්ව චමත්කාරය විඳ ගැනීමට මෘදු ත්‍රාසජනක ක්‍රියාකාරකම් වූ කලී කදිම අවස්ථාවකි. ඉහළම කායික මානසික යෝග්‍යතාවයක්
අවශ්‍ය නොවීම ද විශේෂත්වයකි.
උදාහරණ-
- Hiking, trekking, sailing, camping, mountain biking, kayaking, animal and bird watching, boat safari, canoing,
එමෙන්ම ක්‍රීඩාවේ ස්වභාවය අනුවද ත්‍රාසජනක ක්‍රියාකරකම් කොටස් 3ක් යටතේ
දැක්විය හැකිය
- · Land bassed adventure activities (ගොඩබිම මුලික කරගත් ත්‍රිසජනක ක්‍රියාකාරකම්)
o
උදාහරණ-Camping, safari, desert crossing, bird watching, hiking, trekking, mountain
biking, rock climbing,
- · Water bassed adventure activities (ජලය මුලික කරගත් ත්‍රිසජනක ක්‍රියාකාරකම්)
o
උදාහරණ-boat safari, canoing, kayaking,white water rafting, scuba diving,
surfing,
waterfall climbing, waterfall , waterfall descending, wind surfing
- · Air bassed adventure activities (වාතය මුලික කරගත් ත්‍රිසජනක ක්‍රියාකාරකම්)
o
උදාහරණ-Hot air ballooning, bungee jumping, parasailing, paragliding
මේ ආකාරයට ත්‍රාසජනක ක්‍රියාකාරකම් වර්ග කර දැක්විය හැකි අතර මෙම සෑම ක්‍රියාකාරකමක්ම පාහේ කාන්තාර, ජල දුර්ග, මුහුදු රළ ආදී ස්වභාවික බාධක වලින් සපිරි අත්දැකීම් වන අතර එබැවින් ත්‍රාසජනක සංචාරයේ යෙදෙන සංචාරකයාට අනෙකුත් සංචාරකයන්ට මෙන් සුව පහසුව අපේක්ෂා කල නොහැකිය.ස්වාභාවික පරිසරයේ උවදුරු වලට මුහුණ දීමට පවා සිදු විය හැකිය. වර්ථමාන සංචාරක වෙළඳපොළ තුළ ත්‍රාසජනක සංචරණය උදෙසා තරුණ සංචාරක පිරිස් අතර ඉහළ ඉල්ලුමක් පැවතීමටද ප්‍රධානම හේතු සාධකය වන්නේ මෙම අවධානම් සහගත බවයි.
මේ ආකාරයට ත්‍රාසජනක සංචරණය පිළිබඳව කරුණු දැක්විය හැකි අතර වර්ථමාන
සංචාරක කර්මාන්තය තුළ වෙළඳපොලේ ඉදිරියෙන්ම සිටින සංචාරක ප්‍රවර්ගයක් වශයෙන් ද
සඳහන් කළ හැකිය
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ ද වර්ථමානය වන විට දෙස් විදෙස්
සංචාරකයන් අතර ප්‍රචලිත සංචාරක සංකල්පයක් වශෙයෙන් ත්‍රාසජනක සංචරණය හැඳින්විය හැක්
අතර මෙරට තුළ පවතින්නා වූ කඳු, ගංගා, දිය ඇලි, මුහුදු රළ, වැනි ස්වභාවධර්මයේ අර්‍පර්ව
දායාදයන් ආශ්‍රය කොටගෙන ක්‍රියාකාරකම් රාශියක් ශ්‍රී ලංකවෙ තුළ ක්‍රියාත්මක වන අතර
උදාහරණ වශයෙන්
- · Surfing - ආරුගම්බේ,මිරිස්ස,උණවටුන
- · White water rafting - කිතුල්ගල
- · Kayaking - මීගමුව
- · Scuba diving - හික්කඩුව
- · Boat safari - මාදු ගඟ
- · Jeep safari- හබරන(මින්නේරිය/කවුඩුල්ල/eco park)
- · Bird watching - සිංහරාජය, කන්නෙලිය, කුමන
- · Dolphin and whale watching - කල්පිටිය, මිරිස්ස
- · Jetsky - බෙන්තර
- · Wind surfing - ආරුගම්බේ, මිරිස්ස
- · Trekking - රිවස්ටන්, හෝර්ටන් තැන්න
- · Hiking - රජගල
- · Hot air ballooning - දඹුල්ල
- · Caving - බෙලි ලෙන, පාහියංගල
වැනි ක්‍රියාකාරකම් දැක්විය හැකි අතර වර්ථමානය වන විට විදේශීය සංචාරකයන් පවා සැලකිය යුතු ප්‍රමාණයක් මෙවැනි ක්‍රියාකාරකම් වල නියැලීම සඳහා මෙරටට පැමිනෙයි. ශ්‍රී ලංකාව තුළ මෙවැනි ත්‍රාසජනක ත්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කිරීමට විභවතාවන් රැසක් පවතින අතර ඒ ආශ්‍රිතව තවදුරටත් මෙම ක්‍රියාකාරකම් සංවර්ධනය සහ ප්‍රචාරණය තුළින් මෙරට සංචාරක කර්මාන්තයට පවතිනවාටත් වඩා ඉහළ දායකත්වයක් ලබා ගැනීමේ හැකියාවද පවතී.
Subscribe to:
Posts (Atom)
පෙම....
නෙතු අතර ඇති හදවතේ රැඳී ...
-
සෞන්දර්යාත්මක ප්‍රවේශය ඕනෙම කලාත්මක මාධ්‍යයක කාර්යය වනුයේ සෞන්දර්යාත්මක වින්දනයක් ලබා දීමයි.ඕනෑම මාධ්‍ය නිර්මාණයක්...
-
ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක සංචරණය වර්ථමාන සංචාරක කර්මාන්තය තුළ ක්‍රියාත්මක වන සංචාරක ...